fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 09:41

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

ඒ අනූව මධ්‍යම රාත‍්‍රි 12 සිට නිහඩ කාලය ක‍්‍රියාත්මක බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. කෙසේ වෙතත් අද (13) පැවැත්වෙන ජන රැළි පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරිමේ හැකියාව පවතිනවා. මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් නිරික්ෂකයන් පිරිසක් ද දිවයිනට පැමිණියා. ඔවුන් අද මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකට ද එක්වනවා. නිරික්ෂණ කටයුතු හෙට (14) සිට ආරම්භ කිරිමයි සැලැස්ම.

කණ්ඩායම් දෙකක් පැමිණෙන බවයි කොමිසමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ. ඒ නිරික්ෂණ සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන්. 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට ඉන්දියාව, ඉන්දුනිසියාව, බංගලිදේශය ඇතුළු රටවල නියෝජිතයන් අයත්. ඔවුන්ගේ වාර්තාව ලබන 18 වනදා භාරදිමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ අතර ජනාධිපතිවරණයේ දි අනන්‍යතාව තහවුරු කිරිම සඳහා තාවකාලික හා විශේෂ හැදුනුම් පත් ලබාගැනිම සඳහා අද (13) දහවල් 12 දක්වා අයදුම් පත් යොමු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඡන්දය ප‍්‍රකාශ කිරිමේ දී අනන්‍යතාව තහවුරු කිරිම අනිවාර්ය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්