fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ක්‍රිකට් පුහුණුකරුවන් පත් කිරිම ජනාධිපතිවරණයෙන් පසු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 18:06

නව ක්‍රිකට් පුහුණුකරුවන් පත් කිරිම ජනාධිපතිවරණයෙන් පසු

ජනාධිපතිවරණය අවසන් වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවන් පත් කිරිම සිදු නොකරන බව වාර්තා වනවා. ඒ මේ වන විට තෝරා ගෙන ඇති විදෙස් පුහුණුකරුවන් ජනාධිපතිවරණය නිමවන තෙක් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරිමට අකමැත්ත පළ කර තිබිම හේතු‍වෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරධූරය සදහා මෙන්ම ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානය සදහා ද පුහුණුකරුවන් පත් කිරිමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මේ වන විට තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේදී පසුගියදා පැවති  විමර්ශනය සදහා ද හතුරුසිංහ සහභාගි වුයේ නැහැ. ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ අසංක ගුරුසිංහ ද එම ධූරයෙන් ඉවත් කිරිමටයි කටයුතු කෙරුනේ.

ඒ හේතුවෙන් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ වේග පන්දු පුහුණුකරු රුමේෂ් රත්නායකයි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී කණ්ඩායමේ පුහුණුකරුවන් සියලු දෙනා පත් කර අවසන් කරන බවයි ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කර සිටියේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 18:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්