fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ සාකච්ඡාවක් ගැන කතාව අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:25

විශේෂ සාකච්ඡාවක් ගැන කතාව අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,  පවුලේ සාමාජිකයින් හා සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍යවල පළව ඇති ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

පසුගිය වසර පහ තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබද ජනාධිපතිතුමා කණගාටුව පළ කළ බවත් නොවැම්බර් 18 වනදා මෙම සියලු කරුණු ජනතාවට හෙළි කරන බවටත් එම සමාජ මාධ්‍යවල වාර්තා පළවී තිබුණා.

ඒ සියල්ල පදනම් විරහිත බවත් කුමන පාර්ශ්වයකින් හෝ ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපය තුළ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම පිළිබද දැඩි සේ කණගාටුව පළ කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්