fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය අනිද්දා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 15:00

ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය අනිද්දා

ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය අබුඩාබ්හි සායිඩ් ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී අනිද්දා ආරම්භ වනවා. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 24වනදා පැවැත්විමට නියමිතයි.

පන්දුවාර 10යි දහය ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,  කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ඊට ඇතුලත්. පාකිස්තාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ නවක ක්‍රිඩකයින් වන ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග සහ භානුක රාජපක්ෂ ද තරගාවලියට එක් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මෑතකදී එක් නොවූ දුෂ්මන්ත චමීර සහ අසේල ගුණරත්න ද මෙම තරගාවලියට තෝරා ගෙන තිබිම විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 15:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්