fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ අධික ශීත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 14:47

ඇමෙරිකාවේ අධික ශීත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට

ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් දහස් ගණනක් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මිචිගන් , කැන්සාස් , ඔහාගෝ , ඉලනෝයි වැනි ප්‍රාන්ත කිහිපයකට අධික ශීත කාලගුණ තත්ත්වය බරපතල ලෙස බලපා තිබෙනවා. මිචිගන් සහ කාන්සාස් ප්‍රාන්තවල පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති බව සඳහන්. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග පැහැදිලි නොවීම නිසා රිය අනතුරු රැසක් වාර්තාවී තිබෙනවා. දිකාගෝ නගරයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. චිකාගෝ නගරයේ උෂණත්වය සෙල්සියස් අංශක සෘණ දහයක් බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්