බංගලිදේශයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගියා.
40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. නැගෙනහිර බංගලිදේශයේ දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කළේ.
ගළවා ගැනිමේ කණ්ඩායම් සහ සහන සේවකයන් ද යොදවා තිබෙනවා. දුම්රිය දෙකම එකම මාර්ගයේ පැමිණිමට හේතුව මෙතෙක් හෙළිව නැති බවයි බලධාරින් සඳහන් කළේ .