හොංකොංවල විශ්වවිද්‍යාල සහ පාසල් වසාදමා තිබෙනවා.
උද්ඝෝෂණ ව්‍යාපාර උත්සන්නවීමයි ඊට හේතුව. ධාවන කටයුතු වලට ද බලපෑම් එල්ල වුණා. ඇතැම් දුම්රිය ප්‍රමාදවීම හෝ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව බලධාරින් ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල සිසුන් ද උද්ඝෝෂණ වලට එක්ව සිටිනවා. ඔවුන් පළවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
සිසුන්ට එල්ල විය හැකි බලපෑම් හේතුවෙන් ඔවුන් සහභාගී වන උත්සව නතර කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට පත්වූ සංඛ්‍යාව තුන් දහස ඉක්මවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.