ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබිමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ හැට නමක් ධර්ම ප්රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන් බෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන්පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා. ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානකර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන සදහම් යාත්‍රා වැඩසටහන මෙවර පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදීයි. 56 වන වරට පැවති මෙහිදී ධර්ම දේශනය සිදු කළේ පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන්වහන්සේයි. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව විශේෂ ආගමික වැඩසටහනක් ද මෙහිදී සිදුකෙරුණා. ජනාධිපතිතුමා සහ මැතිඇමතිවරුන් ද විශාල පිරිසක් ද මීට එක්ව සිටියා.
ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ බත්තරමුල් සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කිරීමට නියමිතයි.
අයිටීඑන් එෆ්එම් සෑම පොහෝ දිනකම සිදු කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ සිරි සුදස්සනාරාම විහාරස්ථානයේයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ වෙත ධර්ම ග්රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා.