fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ICC ය නවතම 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 09:44

ICC ය නවතම 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි ශ්‍රේණිගත කිරිම්හි තවදුරටත් පෙරමුණ ගැනිමට පාකිස්තානය සමත්වීම විශේෂත්වයක්.

පාකිස්තානය අවසන් වරට ශ්‍රී ලංකාව සමග සහ ඕස්ට්‍රේලියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම පරාජයට පත්ව ඇති පසුබිමකයි. පාකිස්තානයට ප්‍රසාද ලකුණු 2070ක් හිමව ඇති අතර දෙවන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 269ක්. තුන්වන ස්ථානය එංගලන්තයටත්, හතරවන ස්ථානය දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා. රටවල් අසූහයකින් යුත් ශ්‍රේණිගත කිරිම්හි හත්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි අවසන් ස්ථානයේ පසුවන්නේ චීනයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්