ඉරානය නියමයන් උල්ලංඝනය කර ඇති බවට ජගත් සංවිධානය චෝදනා කළා. ඔවුන් යුරේනියම් බලගැන්වීම ඊට හේතුවයි.
පොළව යට පිහිටි මධ්‍යස්ථානයකදී එය සිදුකරන බවයි ජගත් සංවිධාන නිරික්ෂකයන් සඳහන් කළේ. න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය සඳහා ඔවුන් කටයුතු කරන බව අන්තර්ජාතික පරමාණුු බලශක්ති ආයතනය සඳහන් කළා. 2015 වසරේ ඇති කරගත් ගිවිසුමෙන් ඔවුන්ට යුරේනියම් බලගැන්විම තහනම් කර තිබෙනවා. එහෙත් මේ වනවිට ඒවා කඩකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. අලුතින් සම්බාධක පැන විය යුතු බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කළා.