නීතියෙන් වරදකරුවන් කර සිටින ත්රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන් මෙන්ම ස්ත්‍රී, ළමා අපචාරකරුවන් තම පාලන කාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල ගල්ගමුව මහජන සතිපොළේ අද පැවති ජනරැළියට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ දේශපාලනඥයින් පසුපස යන යුගය අවසන් කර සර්ව සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් සකස් කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/fNSNXqqd0qM”]