fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධිත දැරිය දූෂණය කළ පුද්ගලයින්ට උපරිම දඬුවම දෙන බව සජිත් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 15:49

ආබාධිත දැරිය දූෂණය කළ පුද්ගලයින්ට උපරිම දඬුවම දෙන බව සජිත් කියයි

කොටකෙතන ඝාතකයන් ආරක්ෂා කළ ප්‍රතිවාදී කණ්ඩායමට රටේ දරු පරපුරේ සහ කාන්තා පරපුරේ අනාගතය භාරදීම ඉතා භයානක බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කාන්තාවන්ගේ සහ රටේ දරු පරපුරෙහි සංවේදී ප්‍රශ්න හදුනාගෙන ඔවුන් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. රත්නපුර නගරයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා මෙම ජනහමුව සංවිධාන කළා. මෙම ජන හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන නායකයින් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට එක්වුණා.ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහි විපක්ෂ නායක ලෙස කටයුතු කළ ඉන්දු ගුණතිලක,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක සමන් ඉන්දික, නිවිතගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ උප සභාපති සමන්ත කුමාරසිරි,ලේකම් වයිඩී නිමල් දිසානායක සහ  පැල්මඩුල්ල, ඉඹුල්පේ, නිවිතගල, ඇහැලියගොඩ, කහවත්ත යන ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් ද  සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට එක්වුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ රැළිකට සහභාගී වූ විශේෂ අවශ්‍යතා සහිත දැරියක් දූෂණයට ලක් වීම පිලිකුලින් යුතුව හෙලා දකින බව සජිත් ප්‍රේමදාස මහතා මෙම ජන හමුවේදී ප්‍රකාශ කළා. එම සිද්ධියේ  සැකකරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට  කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්