ඉරානය නව ඉන්ධන නිධියක් අනාවරණය කර ගෙන තිබෙනවා. බොරතෙල් බැරල් බිලියන 53 ක් පමණ මෙම නිධියේ පවතින බවයි වාර්තා වන්නේ.
ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්රකාශයක් කරමින් සඳහන් කළේ මෙම තෙල් නිධිය වර්ග කිලෝමීටර් 2400 ක භූමි ප්රදේශයක් පුරා පවතින බවයි. කෙසේ වෙතත ඇමෙරිකා සම්බාධක හමුවේ ඉරානයට තමන් සතුව පවතින බොරතෙල් විදේශයන්ට අලෙවි කිරීමට නොහැකි වී තිබෙනවා. මෙම ඉන්ධන නිධිය ඉරානයේ පවතින දෙවන විශාලතම බොරතෙල් සහිත ප්රදේශය බවටයි වාර්තා වන්නේ.