බහුදින යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා. ඒ බෙංගාල බොක්ක මුහුද, අරාබි මුහුද හා දකුණු ඉන්දිය සාගර කලාපය පිළිබඳව දැනුම් දෙමින්.
ගිගුරුම් සහිත වැසි සමඟ මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින අවට මුහුදු ප්රදේශවලද සුළගේ වේගය පැයට කිලෝ මිටර 80 දක්වා ඉහළයාමේ හැකියාවක් පවතිනවා.