fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:01

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බුල්බුල් සුළි කුණාටුව පැයට කිලෝමීටර 120 ක පමණ වේගයෙන් හමා ගිය බවයි  ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරන්නේ.ඒ හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල හා ඔඩිස්සා ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වුණා. පුද්ගලයින් මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. නිවාස රැසකට ද හානි සිදුවුනා. ගස් සහ ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්