බංග්ලාදේය සමඟ පැවති තරග තුනකින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය 02කට 01ක් ලෙස ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති අවසන් 20-20 තරගයෙන් ඉන්දියාව ලකුණු 30ක ජයක් වාර්තා කිරිමත් සමඟයි.
නාග්පූර්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 174ක් රැස් කළා. ශ්‍රීයාස් අයියර් ලකුණු 62ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී සෆියුල් ඉස්ලාම් සහ සෞම්‍ය සර්කාර් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 144ක් පමණයි. මොහොමඩ් නයීම් ලකුණු 81යි. පන්දු යැවිමේදී දීපක් චහාර් ලකුණු 07කට කඩලු 06ක් බිඳ හෙලුවේ සිය අවසන් කඩුලු 03 පිට පිට පන්දු 03කදී බිද හෙලමින්. එය පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ හොදම පන්දු යැවිමයි. මිට පෙර එම වාර්තාවට හිමි කම් කිවේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්. ඔහු ලකුණු 08කට කඩුලු 06ක් බිඳ හෙලා තිබුණා.