සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට විශ්රාම වැටුපක් ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සිවිල් ආරක්ෂක බලකායට සමාජය තුළ අභිමානයක් හිමිකර දුන්නේ තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේදී බවයි ඒ මහතා කියා සිටියේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් අනුරාධපුර මැදවච්චිය නගරයේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙනුයි ජල රැළිය සංවිධාන කර තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/e5TESkBxehI”]