fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතු ජනතාවට පර්චස් 10 ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 19:11

වතු ජනතාවට පර්චස් 10 ක්

ලයින් කාමරවල ජීවත් වන වතු ජනතාව වෙනුවෙන් පර්චස් 10 ක ඉඩමක් සහිත නිවසක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තලවකැලේ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය ගසා කන්නට ඉඩ නොදී ඔවුන් කම්කරුවන් ලෙස නොව කුඩා තේවතු හිමියන් බවට තම රජයක් යටතේ පත් කරන බවයි.

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් තලවකැලේ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

නුවරඑළිය නගරයේ පැවති ජනරැළියට සජිත් ප්‍රේමදාස මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වුණා.

මේ අතර බදුල්ල නගරයේ පැවති ජනරැළියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ සියයට 58ක් ඉක්ම වූ කාන්තාවන් සඳහා සුරක්‍ෂිතම දේශයක් 16 වනදායි ආරම්භ කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතා රැළියට එක්වූ අවස්ථාවේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් ප්‍රකාශයක් භාර දුන්නා. නව ආණ්ඩුවේ වසර 2 ක කාල සීමාවක් තුළ තමන්ට හිමි වැටුප් ඇතුලු වරප්‍රසාද නොගෙන උපරිම කැපවීමෙන් සේවය කරන බවයි එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ.

“]

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්