fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙම්මාතගම පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 18:21

හෙම්මාතගම පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම්

හෙම්මාතගම ශ්‍රී ලංකා පොදුජන රැළියට සහභාගී වූ තරුණියක දූෂණයට ලක් වූ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හෙම්මාතගම පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයකු ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලැබුනු තොරතුරුවලට අනුව හෙම්මාතගම පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙලෙස වැඩ තහනමට ලක් වුණේ අදාළ සිද්ධිය සිදු වූ පසුගිය 07 වන දින  හෙම්මාතගම පොලීසියේ රාත්‍රී මුරසංචාරක රථයේ රාජකාරී කළ උපපොලිස් පරික්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව පරික්ෂණ සිදු කෙරෙනවා. කුමාර පිටපත පමණයි

මේ අතර හෙම්මාතගත සිද්ධියට විරෝධය පල කරමින් කාන්තාවන් දූෂණය වීමට එරෙහි පැවති කාන්තා එකමුතුව සංවිධාන කළ විරෝධතාවක් මාවනැල්ල නගරයේදී පැවැත්වුණා. කාන්තාවන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා. කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා ජානකී අතුකෝරල මහත්මිය හෙම්මාතගම සිද්ධියට විරෝධය පල කරමින් මෙලෙස අදහස් පල කළා.  කෑගල්ල රොහාන් කුමාර

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්