ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තාවකාලිකව සේවයෙන් ඉවතට
Related Articles
ශ්‍රී ලංකා කණ්ඩායම සදහා නව පුහුණුකරුවන් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා මේ වන විට තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේදී පෙරේදා පැවති විමර්ශනය සදහා ද හතුරුසිංහ මහතා සහභාගි වුයේ නැහැ. ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ අසංක ගුරුසිංහ මහතා ද එම ධූරයෙන් ඉවත් කිරිමටයි කටයුතු කෙරුනේ.
ඒ හේතුවෙන් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ වේග පන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක මහතායි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී කණ්ඩායමේ පුහුණුකරුවන් සියලු දෙනා පත් කර අවසන් කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට මාක් රාම්ප්‍රකාශ්ගේ නම යෝජනා වී තිබෙනවා. සති දෙකක හෝ තුනක කාලයක් සදහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස ජොන්ටි රෝඩ්ස් පත් කර ගැනිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.