fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිදීමාලියද්ද ප්‍රදේශයේදී එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට පහර දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:19

රිදීමාලියද්ද ප්‍රදේශයේදී එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට පහර දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් රිදීමාලියද්ද ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය  සභා මන්ත්‍රීවරියකට පහරදී තිබෙනවා. පහර දීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරිය මහියංගනය මූලික  රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රිදී මාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රිණී ඩී.එම්. රසිකා දිල්රුක්ෂි මහත්මියයි පහර දීමෙන් තුවාල ලබා තිබෙන්නේ.  බදුල්ලේ පැවති පොදුජන පෙරමුණේ රැළියකට සහභාගී වී යමින් සිටි පිරිසක් මෙම පහරදීම සිදු  කළ බවයි ඇය ප්‍රකාශ කළේ. මන්ත්‍රීවරියට අයත් වෙළඳසලක් තුලටද මෙම පිරිස රතිඤ්ඤා දල්වා දමා ගොස් තිබෙනවා.. පහර දීම සිදු කළ මන්ත්‍රීවරයා  ඇතුළු පිරිස සොයා  පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්