fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුනු වසර 500කට වඩා පැරණි සංඝාවාසය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 16:37

අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුනු වසර 500කට වඩා පැරණි සංඝාවාසය

මාතර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිගම ගරාඩුව නදී කිරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල කඩාවැටීමට ලක්වුණා. මෙම  ගොඩනැගිල්ල  වසර 500කට වඩා පැරණි බවයි පූජ්‍ය හක්මන මදුරධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

අධික වර්ෂාවත් සමග සංඝාවාස ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් සාමනේර ස්වාමීන් වහන්සේ නමක සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත මෙම සංඝාවාස ගොඩනැගිල්ල වසර 500ක් පමණ පැරණි බවට සදහන් වනවා. එමෙන්ම මෙම විහාරස්ථාන භූමියේ ඉපැරණි උරුමයන් රැසක් පවතිනවා. මෙම සංඝාවාස ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවයි විහාරාධිපති පූජ්‍ය හක්මන මදුරධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්