fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය සමග පැවති 20 යි 20 තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 15:48

නවසීලන්තය සමග පැවති 20 යි 20 තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට

නවසීලන්තය සමග පැවති තරග 05කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 03ට දෙකක් ලෙස ජයගැනිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේ සුපිරි පන්දුවාරයේදී  ලබාගත් තියුණු ජයත් සමගයි.

ඕක්ලන්ඩ්හි පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 11කට සීමා කෙරුණා. එහිදි පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස් කළා. මාර්ටින් ගප්ටිල් ලකුණු 50යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තයද නියමිත පන්දුවාර 11 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා. ලකුණු සමවීම හේතුවෙන් ලබා දුන් සුපිරි පන්දුවාරයේදී එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 17ක් රැස් කළා. නවසීලන්තයට ලබා ගත හැකි වුයේ කඩුල්ලක් දැවී ලකුණු 08ක් පමණයි.  ඒ අනුව සුපිරි පන්දුවාරයෙන් ලකුණු 09ක ජයක් වාර්තා කළ එංගලන්තයට තරගාවලියේ ජය හිමි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 15:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්