මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතය 85% ඉක්මවනු ඇති බවට පූර්ව සමීක්ෂණ වලින් හෙළිව ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් අටසිය හතළිස් පහකදී ඡන්ද විමසීම පැවැත්වෙනවා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ කටයුතු 98% කින් පමණ අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා. මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා නොලැබුණු පුද්ගලයෙක් වේ නම් සිය අනන්‍යතාව තහවුරු කර ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඡන්ද දැන්වීම් පති‍්‍රකා ලබාගත හැකි බව ද ආරියරත්න මහතා ප්‍රකාශ කළා.