fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගයේ අලුතෙන් විවෘත කළ කොටස් සදහා ගාස්තු ප‍්‍රකාශයට පත්කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 19:31

දක්ෂිණ අධිවේගයේ අලුතෙන් විවෘත කළ කොටස් සදහා ගාස්තු ප‍්‍රකාශයට පත්කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතෙන් ඉදිවූ කොටස් සදහා ගාස්තු ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

බරවාකුඹුක සිට අන්දරවැව හරහා මත්තලට දිවෙන කොටසේ දුර කිලෝමීටර 21 ක්. එහි බරවාකුඹුක සිට සුරියවැව දක්වා රුපියල් සියයක ගාස්තුවක් ද , මත්තලට රුපියල් 200 ක ගාස්තුවක් ද අයකරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ. මත්තල සිට සුරියවැව දක්වා අයකරන ගාස්තුවද රුපියල් සියයක්.

මේ අතර පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස ද පසුගියදා විවෘත කෙරුණා. කිලෝමීටර 28 කින් සමන්විත එම කොටස සදහා රුපියල් සියයක ගාස්තුවක් අයකරන බවයි මාර්ග සංවර්ධන අදිකාරිය පවසන්නේ. කඩවත සිට පෑලියගොඩ දක්වා පැමිණීමේදී කඩවත කෙරවලපිටිය දක්වා අයකරන ගාස්තුවද රුපියල් සියයක්.

කෙරවලපිටියේ සිට පෑලියගොඩ දක්වා කොටසට රුපියල් 150 ක ගාස්තුවක් ද අයකෙරෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ. ගාස්තු ඇතුලත් ගැසට් නිවේදනය අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් සහ කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත ලැබී ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 19:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්