ශිෂ්ට සම්පන්න, යුක්තිගරුක, මානව හිතවාදී යුගයක් 16 වනදා අරඹන බවට සජිත්ගෙන් සහතිකයක්
Related Articles
ජන සමාජයෙන් ආගම්වාදය සම්පුර්ණයෙන් ඉවත් කර ශිෂ්ඨ සම්පන්න, යුක්තිගරුක, මානව හිතවාදී යුගයක් 16 වනදා ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මඩකලපුව කල්කුඩා ඔඩ්ඩමාවඩි අලි අමීර් ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ භෞමික අඛණ්ඩතාවය සෛරී භාවය රැක ගනිමින් නිදහස් ශ්‍රී ලංකාව සුරක්ෂිත කරන බවයි.
මේ අතර මඩකලපුව පදිරිප්පුව කළුදාවලයි මහජන ක්‍රීඩාංගනයේ පැවැති ජන රැළියට ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා. උතුරු නැගෙනහිර පළාත් දෙක වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා ප්‍රදේශයට විශිෂ්ඨ සංවර්ධනයක් උදාකරන බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ.