fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:29

ආසියා මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි

ආසියා මැතිවරණ නියෝජිත නිරීක්‍ෂකයින්ගේ නියෝජිත ජාලයේ සාමාජිකයින් ජනාධිපතිවරණ නිරීක්‍ෂණ කටයුතු සදහා දිවයිනට පැමිණ සිටිනවා.

රටවල් 18ක් නියෝජනය කරමින් පැමිණ සිටින මෙම නිරීක්‍ෂණ කණ්ඩායමට 48 දෙනෙකු ඇතුළත්. දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටයි මෙම නියෝජිතයින් සැලසුම් කර ඇත්තේ. යුරෝපා සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්‍ෂකයින් ද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.

2015 ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මෙවර ජනාධිපතිවරණ සමයේ ප්‍රචණ්ඩක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය හමුවේ කියාසිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්