ගෑස් හිගයක් මවා පෑම පරාජය හමුවේ වියරු වැටීණු පිරිසකගේ වැඩක්
Related Articles
පරාජය හමුවේ වියරු වැටී සිටින පිරිසක් ගෑස් හිගයක් මවා පෑමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔවුන් තොගපිටින් ගෑස් සගවා ගෑස් පෝලිම් නිර්මාණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
දකුණු පළාත් පොදු පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හා මාතර දිස්ත්‍රික් ත්‍රීරෝද රථ සංගම් සාමාජිකයින්ගේ හමුවක් මාතර දී පැවැත්වුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සංගම් සදහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් පාසල් ළමුන් ප්‍රවාහන සේවාවට හා ත්‍රිරෝද රථ රියදුරන්ට ලබාදුන් සහනය පිළිබද එම සංගම් මෙහිදී අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළකළා.