fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගොඩ ප‍්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 15:17

මීගොඩ ප‍්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

නීතිවිරෝධී ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණයන් 21 දෙනෙකු සහ තරුණියන් නව දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගොඩ කම්පෙයාහේන ප‍්‍රදේශයේදී. සාදයේ සිටි සියලුදෙනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වුණා. ඔවුන් අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන බවයි මීගොඩ පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග තිබී ගංජා ග‍්‍රෑම් 27 ක් සහ හෂිස් මිලිග‍්‍රෑම් දෙසීයක් ද සොයාගැණුනා.

සියලුම සැකකරුවන් සහ සැකකාරියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්