fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආයතන රැසක් අදුරෙන් ගලවාගත යුතු බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 11:58

ආයතන රැසක් අදුරෙන් ගලවාගත යුතු බව ජනපති පවසයි

රටටම එළිය දෙන විදුලිබල මණ්ඩලය අදුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

විදුලි පුරානය ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විදුලිබලය පිළිබද නිත්‍ය නේවාසිකයෙකු,  පර්යේෂකයෙකු හා සමීක්ෂකයෙකු ලෙස පුළුල් අත්දැකීම් ඇති රූබන් වික්‍රමාරච්චි මහතායි ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ. ප්‍රාග් ඉතිහාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විදුලිය පිළිබද සිදුවූ වැදගත් හා සත්‍ය තොරතුරු ඊට ඇතුළත්.

එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම රූබන් වික්‍රමාරච්චි මහතා විසින් සිදුකළා. අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්