fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරිම අදින් අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 09:53

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරිම අදින් අවසන්

නිල ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැරිම අදින් (09) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

අද (09) දිනයේත් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා නොලැබුණ හොත් ආසන්නතම තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරු කර එම පති‍්‍රකා ලබාගත හැකියි. පසුගිය 3 වනදා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබුණා.

මේ අතර ජාතික හැදුනුම්පත් නොමැති ඡන්ද දායකයන්ට තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් ලබාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයක් ලෙස පිළිගන්නා බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්