fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිශ්ශංක සේනාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 18:37

නිශ්ශංක සේනාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඒ මහතා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ගාල්ල ආසන්න මුහුදු තීරයේදී ඇවන්ට්ගාඩ් නමැති නෞකාව තුළ තිබී නිසි බලපත්‍රයක් නැති ස්වයංක්‍රීය ගිනි අවි 816 ක් හා ජීව උණ්ඩ දෙලක්‍ෂ විසිදහස් නවසිය තිස්පහක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතාට අධි චෝදනා එල්ල වී තිබෙනවා. ඒ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. විත්තිකරු මීට පෙර විදේශ ගතව හිතාමතා අධිකරණය මග හැරීමට කටයුතු කර ඇති බැවින් ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා විරෝධය පළ කළා. කරුණු සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නිශ්ශංක සේනාධිපති මහතා දෙසැම්බර් 3 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා. ඔවුන්ට චෝදනා හත්දහස් පන්සිය හැත්තෑ තුනක් යටතේ නඩු පැවරීමටයි කටයුතු කර තිබෙන්නේ. 2014 වසරේ අප්‍රේල් 7 වනදා සිට 2015 වසරේ ඔක්තෝබර් 6 වනදා දක්වා කාලය තුළ මෙම ස්වයංක්‍රීය ගිනි අවි හා ජීව උණ්ඩ ළග තබා ගැනීමෙන් විත්තිකරුවන් දණ්ඩනීය වරද සිදුකර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්