ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සාමකාමී සහෝදරත්වයෙන් පිරි ශිෂ්ඨ සම්පන්න මාතෘ භූමියක් නිර්මාණය කිරීම සදහා බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන අයෙකු ලෙස තමන් කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ අද පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මන්නාරම් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සදහා පියවර රැසක් ගන්නා බවයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමු මන්නාරම, කිලිනොච්චිය, යාපනය, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්වල අද පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු උතුරේ දේශපාලනඥයන් රැසක් ද එම අවස්ථාවන්ට එක්ව සිටියා.
රැස්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මන්නාරම රදගුරු නිල නිවසට පැමිණ රදගුරු මැනුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුවේ සුහද සාකච්ඡාවක නිරත වුණා. සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව එහිදී රදගුරු පියතුමන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. රදගුරු පියතුමන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට එහිදී ආශිර්වාද කරනු ලැබුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YNCg6kUQyGU”]
කිලිනොච්චිය පසුමෙයි පුංගා ප්‍රදේශයේ පැවති ජනහමුවට එක් වූ සජිත් ප්‍රේමදාස මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SfD4w40-I_E”]