බෙංගාල බොක්කේ පවතින බුල් බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රාන්තයට සහ ඔරිස්සා ප්රාන්තයට අධික වැසි ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් ගංවතුර හා නායයාමේ අවදානමක් ද මතුව ඇති බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.
බුල් බුල් සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල හා ඔරිස්සා ප්රාන්තවල අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. එම කුණාටුව ඉදිරි දින කිහිපයේදී වඩාත් දරුණු වනු ඇති බවයි එහි දැක්වෙන්නේ. එහි වේගය පැයට කිලෝමීටර් 140 ක් දක්වා වර්ධනය විය හැකි බව ද සඳහන්. නායයාම් අවදානම් සහිත ප්රදේශවල පිරිස් ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා.