fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයේ කන්ටේනර් රථයක තිබී හමුවූ මලසිරුරු වියට්නාම ජාතිකයින්ගේ බව තහවුරුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 14:15

බ්‍රිතාන්‍යයේ කන්ටේනර් රථයක තිබී හමුවූ මලසිරුරු වියට්නාම ජාතිකයින්ගේ බව තහවුරුවෙයි

බ්‍රිතාන්‍යයේ දී කන්ටේනර් රථයක තිබී හමුවූ පුද්ගල මලසිරුරු 39 වියට්නාම ජාතිකයින්ගේ බවට නිල වශයෙන් තහවුරුවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පොලීසිය සහ වියට්නාම බලධාරීන් මේ බව සනාථ කළා. පසුගිය 23 වනදා මෙම මළසිරුරු සහිත කන්ටේනරය හමුවූයේ බ්‍රිතාන්‍ය සසෙක්ස් ප්‍රාන්තයේදීයි. බෙල්ජියමේ සිට ගොඩබිම් මාර්ගයකින් එම ට්‍රක් රථය බ්‍රිතාන්‍යයට ඇතුළුවී තිබුණා. අධි ශීතකරනය කළ මෙම කන්ටේනර් රථයේ තිබූ සිරුරු චීන ජාතිකයින්ගේ බවටයි මීට පෙර හඳුනාගෙන තිබුණේ. එහෙත් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවූයේ ඒවා වියට්නාම ජාතිකයින්ගේ බවටයි. මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයින් 11 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්