fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුරේගොඩ හමුදා මූලස්ථානය විවෘතයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 12:38

අකුරේගොඩ හමුදා මූලස්ථානය විවෘතයි

ජාතික ආරක්ෂාවේදී ත්‍රිවිද හමුදාව සහ පොලීසිය සිදුකරන කාර්යය පැසසුමට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.

අති නවීන පහසුකම්වලින් සමන්විත යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. යුද , නාවික සහ ගුවන් හමුදා මූලස්ථානයන් එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණ ඇතිව පැලැවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අක්කර 77 ක භූමි භාගයක ඉදිකිරිම් ආරම්භ කෙරුණේ 2011 වසරේයි. ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 53.3 ක්. එහි මේ වනවිට ඉදිකිරීම් අවසන් කළ යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා හමුදා ආචාර මධ්‍යයේ පිළිගනු ලැබුවා. සමරු ඵලකය නිරාවරණය කර ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානය විවෘත කළා. අනතුරුව පැවති උත්සව අවස්ථාවේ දී නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු මුද්දරයක් සහ කවරයක් නිකුත් කෙරුණා.

අනතුරුව වසර 6 කට වැඩි කාලයක් ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සේවය කළ කාර්ය මණ්ඩලයට සේවාභිමානී පදක්කම සංකේතාත්මකව පිරිනැමීම සිදුකෙරුණේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට ජනාධිපතිතුමා පළමුව පදක්කම පැළදවීම සිදුකළා. අනතුරුව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ , යුද හමුදාපති ලුතින්න ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න යන මහත්වරුන් වෙත ද පදක්කම් පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් වෙත සේවාභිමානී සහ සිවිල් කාර්ය මණ්ඩලයට සේවා පදක්කම් පිරිනැමීම ද ජනාධිපතිතුමා මෙහිදී සිදුකළා. අනතුරුව ජනාධිපතිතුමා වෙත සමරු තිලිණයක් පිළිගැන්වීම සිදුකෙරුණේ යුද හමුදාපතිවරයා අතින්. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා රටේ ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනයේ දී ත්‍රිවිධ හමුදාව විශිෂ්ට මෙහෙවරක් සිදුකරන බව පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්