fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ විරෝධතා වලට එරට හමුදාවෙන් වෙඩි – 13 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:51

ඉරාකයේ විරෝධතා වලට එරට හමුදාවෙන් වෙඩි – 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉරාකයේ බැග්ඩෑඩ් සහ බස්‍රා නගරවල පැවැත්වෙන විරෝධතා වලට එරට හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය එල්ල කළ රබර් උණ්ඩ සහ කදුලුගෑස් භාවිත කළ බව ඉරාක හමුදා පවසනවා.

එහෙත් විරෝධතාකරුවන් පවසන්නේ ආරක්ෂක අංශ ජීව උණ්ඩ භාවිත කළ බවයි.

බැග්ඩෑඩ්  අගනුවර 13 වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී තුවාල ලබා තිබෙනවා.

විරෝධතා සදහා ඉරාක වැසියන් දහස් ගණනක් සහභාගිවී සිටිනවා.

ඉරාක රජයේ වසර ගණනාවක් තිස්සේ පවතින දූෂිත පාලනයට එරෙහිව විරෝධතා පවත්වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්