fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවාකුඹුක – හම්බන්තොට අතර රථවාහන ධාවනය මධ්‍යම රාති‍්‍රයේ සිට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:24

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවාකුඹුක – හම්බන්තොට අතර රථවාහන ධාවනය මධ්‍යම රාති‍්‍රයේ සිට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවාකුඹුකේ සිට මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය දක්වා මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා අද මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විවෘත බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. බරවාකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 21.8 ක්. අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝ මිටර් 16.6 ක දුරකින් යුත් ප‍්‍රමාණය ද ඊයේ විවෘත කෙරුණා.

මෙම අධිවේගි මාර්ග කොටස්වල අන්තර් හුවමාරු අටක් ද ඉදිකර තිබෙනවා. ගොඩගම , අපරැක්ක , බෙලිඅත්ත, කහගල්ල , අඟුණකොලපැලැස්ස, වැටිය , සූරියවැව සහ අන්දරවැව ඊට අයත්. දක්ෂිණ අධිවේගි මාර්ගය මත්තල දක්වා දීර්ඝ කිරිමත් සමඟ කොට්ටාවේ සිට ඇති මුළු දුර කිලෝ මිටර් 222ක් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

මේ අතර පිටත වටරවුම් අධිවේගි මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස ද ඊයේ විවෘත කෙරුණා. එහි රථවාහන ධාවනය ද අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්