fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය පරදා ඉන්දියාවට කඩුලු 08ක ජයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 09:12

බංග්ලාදේශය පරදා ඉන්දියාවට කඩුලු 08ක ජයක්

බංග්ලාදේශය සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

රාජ්කොට්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 06ක් දැවි ලකුණු 153ක් ලබා ගත්තා. මොහොමඩ් නයිම් ලකුණු 36යි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේදී  කඩුලු 02ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා.වේගවත් ඉනිමක් ක්‍රිඩා කළ රොහිට් ෂර්මා ලකුණු 85ක් ලබා ගත්තා. ඊට හයේ පහර 06ක් ඇතුලත්. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 09:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්