රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩු පවරා තිබෙනවා. එම නඩුව ලබන මස තුන්වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. නඩුව අද කැදවූ අවස්ථාවේ අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.