fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා දරුවන්ට අන්තර්ජාලය පාදක කරගත් පරිගණක ක්‍රීඩා සීමා කිරීමට චීනය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 16:38

කුඩා දරුවන්ට අන්තර්ජාලය පාදක කරගත් පරිගණක ක්‍රීඩා සීමා කිරීමට චීනය තීරණය කරයි

කුඩා දරුවන් සදහා අන්තර්ජාලය පාදක කරගත් පරිගණක ක්‍රීඩා සීමා කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රාත්‍රී දහයේ සිට පෙරවරු 8 දක්වා පරිගණක ක්‍රීඩාවල යෙදීම තහනම් වනවා. එසේම සතියේ දිනවලද පරිගණක ක්‍රීඩාවල යෙදිය හැක්කේ විනාඩි 90 ක කාලයක් පමණයි. සතිඅන්තයේ සහ නිවාඩු දිනවලදී පැය තුනක් දක්වා උපරිම කාලයක් කුඩා දරුවන්ට පරිගණක ක්‍රීඩාවල යෙදීමට අවකාශ ලැබෙනවා. දරුවන් අතර පරිගණක ක්‍රීඩා අබ්බැහිවීම වැළැක්වීමේ අරමුණෙනුයි මෙම ක්‍රිටාමාර්ගය ගෙන ඇත්තේ. අධික ලෙස පරිගණක ක්‍රීඩාවලට යොමුවීම නිසා දරුවන්ගේ සෞඛ්‍යයද පිරිහෙන බව පර්යේෂණවලදී පෙනී ගොස් තිබෙනවා. චීනය ලොව විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙදපොලක් ලෙසයි හදුනා ගැනෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්