fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රසායනික පොහොර නොමිලේ දෙන යෝජනාවට ජනපතිගේ විරෝධය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 12:33

රසායනික පොහොර නොමිලේ දෙන යෝජනාවට ජනපතිගේ විරෝධය

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකයින් රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමන් එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කළු ගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අඹන නව නගරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ  කළු ගඟ ජලාශයේ දියවර මංගල්‍යය අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කදුවැටියේ කළු පහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කර කළු ගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා. එහි පූර්ණ ජල ධාරිතාව මීටර් දස ලක්ෂ 248 ක්. කළු ගඟ ජලාශයේ රන් දියවර මුදා හැරීමේ මංගල්‍යයෙන් අනතුරුව ජනාධිපතිතුමා එක් වුණේ අඹන නව නගරය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවටයි. ඒ අනුව අඹන නව නගරයේ ඉදිකළ ප්‍රාදේශිය රෝහල විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් මෙරට වකුගඩු රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්