මන්නාරම ඉරුක්කුලම්පිණ්ඩි ප්රදේශයේ සිදු කළ සෝදසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස හක්බෙල්ලන් දෙදහස් හාරසිය තිස් දෙදෙනෙකු ළඟ තබා ගත් පුද්ගලයකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය එක්වයි මෙහෙයුම සිදු කළේ. මෙම හක්බෙල්ලන් තොගය නිවසක සඟවා තිබියදී සොයා ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන ඉරුක්කුලම්පිණ්ඩි ප්රදේශයේ පදිංචිකරුවෙක්. සකකරු සහ හක්බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ සඳහා මන්නාරම කොට්ඨාස මර්දන දූෂණ ඒකකයට භාර කෙරුණා. ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට අඩු විශ්කම්භයෙන් යුතු හක්බෙල්ලන් ලග තබාගැනීම, මිලදී ගැනීම , විකිනීම සහ ප්රදර්ශනය තහනම් වනවා.