fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:32

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාවක්

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රජයේ සේවකයින්ට අද දිනයේ ඒ සඳහා අවස්ථාව හිමිවනවා.

මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා තිබෙනවා. පෙරවරු 07 සිට පස්වරු දක්වා කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය  මස 31 සහ මේ මස පළමුවනදා හතරවනදා සහ පස්වනදා යන දිනයන්හිදී සිදු කෙරුණා. මෙවර තැපැල් ඡන්දය  ප්‍රකාශ කිරීමට හය ලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහත් දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්