මොරගහකන්ද, කළුගග මහාජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොලොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පල කළා.
දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොලොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් අද සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 998 ක වියදමින් ඉදිකෙරුණු පුලතිසිපුර විද්‍යා පීඨයේ තෙමහල් ගුරු නේවාසිකාගාරය විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව රුපියල් ලක්ෂ 177 ක වියදමින් පොලොන්නරුව අල්මිනා මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිදු අයිතියට පැවරුනේද ජනාධිපතිතුමා අතින්. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක්වුණේ රුපියල් ලක්ෂ 63 ක වියදමින් ඉදිකළ විජයභාහුපුර කණිස්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවටයි. මේ අතර හිගුරක්ගොඩ නාග පොකුණ කණිෂ්ඨ විද්‍යාලයේ රුපියල් ලක්ෂ 73 ක වියදමින් ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම උතුරු මැදපළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතින් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 73 ක වියදමින් හතමුන ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු නව පන්ති කාමර ගොඩනැගිල් සහ රුපියල් ලක්ෂ 230 ක වියදමින් හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්වුණා. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 69 ක වියදමින් මැදිරිගිරිය මහින්ද මහාවිද්‍යාලයේ ගොඩනැගිලි 04 ක් අලුත්වැඩියා කර එය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක්වුණා. එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ රජයකට රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි උපරිම ආයෝජනය වන්නේ හොද අධ්‍යාපනයක් ලබාදීම බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/0_hFUa6jkaQ”]