fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි නුවර වායු දූෂණයට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා උද්ඝෝෂන

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 14:59

නවදිල්ලි නුවර වායු දූෂණයට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා උද්ඝෝෂන

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණයට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ජනතා උද්ඝෝෂන ආරම්භ වී තිබෙනවා.

පරිසරවේදීන් හා නවදිල්ලි නගර වැසියන් එක්ව මෙම විරෝධතා ආරම්භ කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. වායු දූෂණයට එරෙහිව ඉන්දීය රජය නිසි පියවර නොගන්නා බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. සුළං සහිත කාලගුණික තත්ත්වය මත වායු දුෂණය යම් දුරකට අවම වුවද වාතය පිරිසිදු කිරීම සඳහා රජය පියවර ගෙන නැති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. නවදිල්ලියේ මිලියන 20 ක් පමණ වන ජනතාව මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින අතර ශ්වසන හා පෙනහළු රෝග ඇතුළු රෝග කිහිපයකට ඔවුන් ගොදුරුවීමේ අවදානමක් ද ඇතිව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්