හම්බන්තොට ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සහ ගංජා පැල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි වැටලීම සිදුකළේ.
මෙම මෙහෙයුමේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ගංජා පැල සොයා ගැණුනා. සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කිරීමේදීයි ගිනි අවිය සොයාගැණුනේ. ඔහුගෙන් කළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී රහසිගත ස්ථානයක පැලකර තිබූ ගංජා පැලද සොයා ගැණුනා. සැකකරු හම්බන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට පොලීසිය වෙත භාරදී තිබෙනවා.