පසුගිය වසර තුන තුළ උතුරේ සෞඛ්‍ය ඉහළ නැංවීමට රජය රුපියල් බිලියන තිස්පන් දහසක් වැයකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
මාන්කුලම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.කිලිනොච්චිය රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය හා හදිසි අනතුරු සේවාව ආරම්භ කිරීමට ද පියවර ගන්නා බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. යුද ගැටුම් පැවති සමයේ උතුරේ රෝහල් 68 ක් විනාශ වූ අතර විදෙස් අධාර මත එම රෝහල් සියල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරුණු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරේ සෞඛ්‍ය ඉහළ නැංවීමට රජය තවදුරටත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවද මෙහිදී අවධාරණය කළා.