fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් සංවිධානය සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර දීම අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 15:11

ජගත් සංවිධානය සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර දීම අරඹයි

සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර ලබාදීම ජගත් සංවිධානය ආරම්භ කර තිබෙනවා.

සෝමාලියාවේ අධික වර්ෂාවෙන් විපතට පත් පිරිස දෙලක්ෂ හැත්තෑ දහස ඉක්ම වනවා. පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේ හේතුවෙන් සෝමාලියාවේ ප්‍රදේශ රැසක යටිතල පහසුකම්  ඇණහිට ඇති බව සදහන්. නැගෙනහිර අප්‍රිකා කලාපයට බලපා ඇති අධික වර්ෂාව තවත් දින කිහිපයක් බලපානු ඇති බව කාලගුණ අංශ පවසනවා. නියගයෙන් පීඩා විදි ජනතාවට වර්ෂා සහිත කාලගුණ තත්ත්වය යහපත් වුවද ඔවුන්ගේ නිවාසවලට අලාභ හානි සිදුව ඇති බැවින් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්