fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෑස් නැවක් කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:43

ගෑස් නැවක් කොළඹ වරායට

ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන් වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ලිට්‍රෝ සමාගමින් ගෑස් මෙට්‍රික්ටොන් දොළොස් දහසක හදිසි මිලදී ගැනීමක් සිදු කෙරෙනවා. ඒ අනුව අද දිනයේද ගෑස් මෙට්‍රික්ටොන් 3600 ක නැවක් මෙරටට පැමිණීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලිට්‍රෝ ගෑස් සමාගම මෙම හදිසි මිලදී ගැනීම සඳහා යොමු වී ඇති අතර අදාළ ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි. ගෑස් මෙට්‍රික්ටොන් තුන්දහස් හයසියයක් රැගත් නැවක් පසුගිය සෙනසුරාදා මෙරටට සේන්දු වුණා. අද පැමිණෙන ගෑස් නැවට අමතරව ලබන සෙනසුරාදා ද මෙට්‍රික්ටොන් තුන්දහස් හයසියයක නැවක් පැමිණෙනු ඇති. තවත් ගෑස් මෙට්‍රික්ටොන් හය දහස බැඟින් වූ නැව් දෙකක් ලබන සතිය තුළදී දිවයිනට ළඟා වීමට නියමිතයි. ඒ අනුව ගෑස් සැපයීමේදී තිබූ අඩුපාඩු මෙම සතිය තුළදී අවසන් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මේ පිළිබඳ අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙනවා. මේ අතර ගෑස් හිඟය අවස්ථාවක් කර ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙදුන් 40 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්